Saturday, May 10, 2025
Home » මිහින්තලාව පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවතට

මිහින්තලාව පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවතට

by chanaka
December 10, 2023 12:44 pm 0 comment

අද සිට මිහින්තලා රජමහා විහාරයෙන් ආරක්ෂක අංශ ඉවත්කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ආරක්ෂක අංශවලින් ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බව මිහින්තලාව රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කිරීම නිසා ඔවුන් ඉවත්කරගන්නා බවයි.

මිහින්තලා රජමහා විහාරයේ ආරක්ෂාව සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා අඛණ්ඩව ආරක්ෂක අංශ සමාජිකයන් 252 ක් යොදවා තිබූ බවත්, ඊට අමතරව එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි විවිධ අවස්ථාවල අතිරේක ආරක්ෂක අංශ සමාජිකයන් යෙදවූ බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ඔහු පැවසුවේ, පසුගිය පොසොන් පොහොයට පෙර දින පස් කියුබ් 150 ක් පමණ කරමතින් ඉහළට රැගෙනයාමට හමුදා සමාජිකයන් 500 ක් පමණ යෙදවූ බවයි.

කෙසේවෙතත්, නාවික හමුදාවේ 103 දෙනෙක්, සිවිල් ආරක්ෂක බලකායේ 100 ක් සහ හමුදාවේ 48 දෙනෙක් ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයන් 252 දෙනෙක් අද සිට මිහින්තලා රජමහා විහාරයෙන් ඉවත්වනු ඇති.

මේ අතර, හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරල් රවී හේරත් මහතා තවදුරටත් පැවසුවේ, යුද හමුදා 4 වන ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් දෙදෙනෙකුගේ ආවේක්ෂණ රාජකාරී සැකකටයුතු බව මිහින්තලය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ බවයි.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළද, ආරක්ෂක අංශ සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අතර විශ්වාසය පලුදුවීම නිසා ආරක්ෂක අංශ සමාජිකයන් ඉවත්කරන බව මේජර් ජනරාල් රවී හේරත් මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT