336
මිහින්තලය පූජා භූමිය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිසිවෙකු ඉන් ඉවත්කර ගැනීමට තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මිහින්තලා රජමහා විහාරයේ රාජකාරී යොදවා ඇති පොලිස් නිලධාරීන් අඛණ්ඩව තවදුරටත් පොලීසිය මිහින්තලය පුදබිමේ ආරක්ෂක කටයුතු රාජකාරීවල නිරතවන බව සදහන් කෙරේ.
ඒ අනුව තවදුරටත් නොකඩවා ඔවුන් එම පුදබිමේ රාජකාරී යොදවා සිටී.
මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ මිහින්තලය පුදබිමට ලබාදී තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් 252ක් අද (10) ඉවත්කරගන්නා බවයි.