Saturday, May 10, 2025
Home » බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය බරවාහන සඳහා වැසේ

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය බරවාහන සඳහා වැසේ

by chanaka
December 10, 2023 8:54 pm 0 comment

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය අද(10) පස්වරු 6.00 සිට බරවාහන සඳහා පමණක් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, 6 කණුව ප්‍රදේශයේ නායයෑමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්ව‍යෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

99 කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය භාවිත කෙරෙන මගී ප්‍රවාහන බස් රථ ද හෙට (11) දිනයේ සිට මෙම විකල්ප මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT