Home » වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත හෙට යළි පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත හෙට යළි පාර්ලිමේන්තුවට

by chanaka
December 10, 2023 8:58 pm 0 comment

පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඝණ පූර්ණය නොමැති වීම හමුවේ සභාව කල් තැබීමෙන් පසු සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ තමන් කථානායකවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා අද පාර්ලිමේන්තුව රැස් වුව ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු හෙට දක්වා කල් තැබීමට සිදු විය.

කෙසේ වෙතත් අද විවාදයට ගැනුණු වැට් බදු පනත සම්මත කිරීම විපක්ෂය විසින් හිතාමතා කඩාකප්පල් කළ බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT