Home » අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක්

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක්

by chanaka
December 10, 2023 9:33 am 0 comment

අද (10) අලුයම් කාලයේ අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගින්න හට ගෙන ඇති බව එහි ආරක්ෂක නිලධාරියා කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කළ බවයි.ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත.

ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි.

ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පවසන්නේ ගින්නට හේතුව, විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT