Home » රාජ්‍ය සේවකයන්ට විශේෂ වාසියක් ලබන වසරේ

රාජ්‍ය සේවකයන්ට විශේෂ වාසියක් ලබන වසරේ

by chanaka
December 10, 2023 12:50 pm 0 comment

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වැනිදා දක්වා කාලය තුළ ලබාදීමට නියමිතය.

මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT