Home » කොවිඩ් කාලයේ ගෙවීමට අපහසු වූ කෝටි 199ක් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට

කොවිඩ් කාලයේ ගෙවීමට අපහසු වූ කෝටි 199ක් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට

-ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධනයට වෙනම බැංකුවක්

by sachintha
December 11, 2023 1:02 am 0 comment

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට මෙතෙක් ගෙවීමට නොහැකි වූ රුපියල් කෝටි 199ක මුදලක් (මිලියන 1989.75) මේ 31ට පෙර ගෙවා දැමීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැලසුම් කරයි.

ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙන් වූ සංවර්ධන බැංකුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව තිබේ. මේ යෝජනාව පිළිබඳව සංකල්ප පත්‍රිකාවක් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති අතර ඊට ලැබෙන ප්‍රතිචාර අනුව නව බැංකුව ස්ථාපනය කිරීමට නියමිතය. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එම මුදල ගෙවීමත් සමඟ කොවිඩ් වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නොගෙවා තිබූ බිල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන බවයි. මීට අමතරව මේ වසර තුළ කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1112.57ක මුදලද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්වූ අතර මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කොන්ත්‍රාත්කරුවන් හා ඉදිකිරීම් ශිල්පීන් දැඩි පීඩාවකට පත් වූහ. විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ තත්ත්වය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කිරීමෙන් පසුව මේ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණ. ඒ අනුව අදාළ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගත් අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අදාළ හිඟ බිල්පත් ගෙවා අවසන් කරන්නේ ඒ අනුවයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT