ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි, කන්දක් සේමා අධ්‍යක්‍ෂ අශෝක අතාවුදහෙට්ටි සහ ශ්‍රී ලංකා පදනම සභාපති සහ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි මහත්වරු සුහද කතාබහක
‘කන්දක් සේමා’ ආකර්ෂණීය, සිත් ගන්නා සුළු සිනමා නිර්මාණයක්. එය නරඹා අප සැබැවින්ම සතුටට පත් වුණා’ යැයි පසුගිය දා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා පැවැසීය. අධ්‍යක්‍ෂ අසෝක අතාවුදහෙට්ටිගේ ආරාධනයෙන් කන්දක් සේමා චිත්‍රපටය නැරඹීමට ජපාන තානාපතිවරයා පැමිණියේ තානාපති කාර්යාලයීය පළමු ලේකම් කෙන්ජි ඉනොවෙ මහතා සහ දෙවන ලේකම් අන්නා සුසුකි මහත්මියද සමඟිනි. ‘හැඟීම් දනවන සුන්දර නිර්මාණයක්. මගේ පාසලේ ජ්‍යෙෂ්ඨ මිතුරියක් වන කොබයෂි අයකො (ඔෂින්) මෙහි රංගනයේ යෙදෙනු දැකීම මට ඉතා ආශ්වාදජනක අත්දැකීමක් වුණා යැයි පළමු ලේකම් ඉනොවෙ මහතා එහි දී සඳහන් කළේය. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ අශෝක අතාවුදහෙට්ටි සහ ශ්‍රී ලංකා පදනම සභාපති සහ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි මහතා ද සහභාගී වූ අතර, ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජපාන චිත්‍රපට උලෙළක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද මෙහි දී අදහස් හුවමාරු කර ගැනිණි. තමන් පීවීආර් සිනමා සංකීර්ණයට පැමිණි මුල්ම අවස්ථාව මෙය බව කී හිදෙකි මහතා, එය ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව නිර්මාණය කර තිබීම පිළිබඳ ප්‍රසාදය පළ කළේය.