නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද ඉකුත්දා (09) රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති බව… විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (10) පැවැසීය.
නොරෝච්චෝල බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය නැවතී ගියද මේ වන විට ජලවිදුලි බලාගාර ආශ්‍රිතව පවතින ජල මට්ටම අනුව විදුලි පාරිභෝගිකයින් අපහසුතාවන්ට පත් නොකර විදුලිය ලබා දීමට හැකිව ඇති බව ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දෙවන හා තුන්වැනි ජනනයන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා මෙයට පෙර නවතා තිබූ අතර විදුලිය නිෂ්පාදනය කරමින් තිබූ පළමු ජනනයන්ත්රය ද 9 දින සිදුවූ විදුලි බිඳ වැටීමත් සමඟ එකවර අක්‍රියවී ගිය බව කියයි.
කෙසේ නමුත් මෙ වන විට නඩත්තු කටයුතු සඳහා නවතා තිබූ තුන් වන ජනනයන්ත්රය නැවත ක්‍රියාත්මක කර ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දීමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
9 වන දින හදිසි බිඳ වැටීමට ලක්වීමට පෙර ලක්විජය බලාගාරයේ පළමු ජනනයන්ත්රයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුව තිබුණි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ