ගාසා තීරයට වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පසුගියදා ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමෙන් පරාජය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම යෝජනාව පරාජය වූයේ අමෙරිකාව නිෂේධ බලය භාවිත කරමින් සටන් විරාම යෝජනාවට විරුද්ධ වීම හේතුවෙන් බවද වාර්තා වේ. ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි රටවල් 5 සමඟ තවත් රටවල් 10ක් අතර ඡන්ද විමසීම පැවැත්වූ බවත්, සාමාජිකයන් 13 දෙනකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයාගේ සටන් විරාම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මාසයේ 7 වැනිදා ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ විමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ ජීවිත 17,400කට වැඩි ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේදී ජීවිත 1,100කට වැඩි ප්‍රමාණයක් බිල්ලට ගත් යුද්ධය නැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනාවට අමෙරිකාව නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය නායකයන් රැසක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් ද දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. .
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී
ගාසා තීරයේ සටන් විරාම යෝජනාව පරදියි -අමෙරිකාව නිෂේධ බලය පාවිච්චි කරලා
by sachintha
December 11, 2023 1:01 am
0 comment
357