‘සිසි’ තුන්වැනි වරටත් දිනන ලකුණු
දැඩි ආර්ථික අර්බුදයත්, ගාසා තීරයේ යුද උණුසුමත් මැදින් ඊජිප්තුව ඊයේ ජනාධිපතිවරණය පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වත්මන් ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් ජනපති ධුරය අපේක්ෂාවෙන් තරග බිමට පිවිස සිටින අතර, ඔහුගේ ජයග්‍රහණය සහතික බවට අනාවැකි පළ වී ඇතැයි ද වාර්තා වේ.
මෑත ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට ලක් වී සිටින ඊජිප්තුවේ මුදල් ඒකකයේ අගය වටිනාකමින් හරි අඩක්ම අහිමිවී උද්ධමනය 40% කින් පහළ වැටී තිබුණ ද එරට ජනතා විශ්වාසය තවමත් සිසි කෙරෙහි පැවැතීම කැපී පෙනෙන බව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.
මිලියන 67ක පමණ ඡන්දදායකයන් පිරිසක් ඡන්දය භාවිත කරන මෙවර ඊජිප්තුවේ ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලබන 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.