Home » ඉම්රාන්ගේ බිරිය අද දූෂණ විරෝධී ඒකකයට

ඉම්රාන්ගේ බිරිය අද දූෂණ විරෝධී ඒකකයට

by sachintha
December 11, 2023 1:00 am 0 comment

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බලයේ සිටියදී විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩාගාරයට ලබා නොදී අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම සම්බන්ධ ප්‍රශ්න කිරීමට ඔහුගේ බිරිය බුෂ්රා බීබී අද පාකිස්තානයේ දූෂණ විරෝධී ඒජන්සියට කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොෂ්කානා නඩුව ලෙස ප්‍රකට එම නඩු විභාගයට අදාළව ඇය සතුව ඇති රන් මාල, දියමන්ති මුදුව සහ අත් පලඳනා රැගෙන එන ලෙසත් බුෂ්රා බීබීට දූෂණ විරෝධී ඒජන්සිය දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

බුෂ්රා බීබීට රටින් පිටවීම තහනම් කර ඇති අතර, ඇය ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. භාණ්ඩාගාරයට ලබා දිය යුතු ත්‍යාග තමා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව අද ඉම්රාන්ගේ බිරියගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවත්, ඇය සතුව එවැනි මිල අධික ත්‍යාග රැසක් ඇතැයි චෝදනා එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT