Sunday, May 11, 2025
Home » මෝදි ගෝලීය නායකයින්ගේ ලැස්තුවේ මුල් තැනට

මෝදි ගෝලීය නායකයින්ගේ ලැස්තුවේ මුල් තැනට

by chanaka
December 11, 2023 10:17 am 0 comment

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.

අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිව තිබේ.

එම සමීක්ෂණයට අනුව අගමැති නරේන්ද්‍ර මෝදිට කැමැත්ත පළකළ ප්‍රතිශතය සියයට 76කි.

පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වු ප්‍රාන්ත මැතිවරණයෙන් ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් අතර ඊට සාපේක්ෂව ජාත්‍යන්තරය ද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. කොරෝනා වසංගත සමයේ දී පවා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ස්ථාවර මට්ටමක පැවතුණි.

මෙක්සිකෝ ජනාධිපති Andres Manuel Lopez Obrador (සියයට 66) සහ ස්විට්සර්ලන්ත ජනාධිපති Alain Berset (සියයට 58) ලබා ගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සියයට 37 ක කැමැත්තක් ද, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සියයට 31 ක්, එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ශ්‍රේණිගත කිරීම් සියයට 25 ක් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සියයට 24 ක් හිමි කර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT