Sunday, May 11, 2025
Home » ගාසා තීරයේ පැය 24ට මරණ 300ක්

ගාසා තීරයේ පැය 24ට මරණ 300ක්

by chanaka
December 11, 2023 1:34 pm 0 comment

ඊශ්‍රායල් හමුදා, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ. ඉකුත් පැය 24 තුළ පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

500 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ, හමාස් සංවිධානයේ අවසානය ආරම්භ වී ඇති බවයි. හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදාවන්ට වහා යටත් විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි‍.

අද උදෑසන දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයට බෝම්බ ප්‍රහාර රැසක් එල්ල විය.

ඛාන් යුනිස් නගරයට දිගින් දිගටම එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් රෆා පිවිසුම් ප්‍රදේශයට තවදුරටත් ගමන් කරමින් සිටි. ඔවුන් පවසන්නේ, ගාසා තීරයේ කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැති බවයි.

මේ වන විට පලස්තීන වැසියන් 18,000ක් පමණ මියගොස් ඇති අතර, 50,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
හමාස් සටන්කරුවන් 7,000කට ආසන්න පිරිසක් ද මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT