කලින් ඉවත් කරගත් නිසා ජීවිත 141ක් බේරුණා
පවතින අධික වර්ෂාවත් සමඟ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කැලිපනාවෙල, අස්වැද්දුම කන්ද පෙරේදා (9) පස්වරුවේ සිට නාය යමින් පවති.
එහි පංදිචිව සිටි පවුල් 31ක සාමාජිකයන් 141ක් කල්වේලා ඇතිව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම නිසාවෙන් එම පවුල්වල ජීවිත ආරක්ෂා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අක්කර 200ක පමණ කොටසක් දැනට නාය ගොස් ඇති බවත් වර්ෂාවත් සමඟ නාය යාම තවදුරටත් සක්‍රිය වෙමින් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවදානම් කලාපයක් ලෙස නම් කළේය.
මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනෙක් නිවාස ගොදුරු කරගනිමින් සුන්බුන් සමඟ නායයාම් පහළට තවදුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.
නාය යාමේ අවදානමක් හේතුවෙන් කල්වේලා ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වී කැලිපනාවෙල අස්වැද්දුම කන්ද පාමුල පදිංචි පවුල් මෙසේ එම ස්ථානයෙන් ඉවත් කළ බව පවසන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.කේ.ජේ. ප්‍රියංගිකා මහත්මිය, එසේ ඉවත් වූ පිරිස දැනට තම තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව නතර වී සිටින බව ද පැවැසීය. මෙම පවුල් සඳහා පිසූ ආහාර ලබා දෙන බව ද ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථානයකට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සී. ගමගේ – සොරණාතොට සමූහ,
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන