Sunday, May 11, 2025
Home » ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහනට 2024දී ලක්ෂ 70ක් දෙනවා

‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහනට 2024දී ලක්ෂ 70ක් දෙනවා

by sachintha
December 11, 2023 1:00 am 0 comment

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය වෙත කිසිඳු අවස්ථාවක ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරුන් විසින් කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (08) ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය මඟින් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් ජනතාව දැනුම්වත් කිරීම උදෙසා කැපවන සියලු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට කෘතවේදීත්වය පිරිනමන බවත් ඇමැතිවරයා පැවසීය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමයභාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවත් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් ලබන වසරේදී රුපියල් ලක්ෂ හැත්තෑවක් ලබා දෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. මෙම වසරේදීත් එම ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක අතර අයැදුම් කර තිබූ සියලු අයැදුම්කරුවන් වෙනුවෙන් ලක්ෂ පනහක මුදලක් මෙවර වෙන් කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමයභාවය වෙනුවෙන් ආරම්භ කරන වරලත් මාධ්‍යවේදී ආයතනය වෙනුවෙන් ඉටු කළ යුතු සියලු කාර්යන් ඉටු කරන බව ද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම වත්මන් රජය යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිවකට ජනාධිපතිවරයාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවන අතර රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ද කිසිදු බලපෑමක් සිදු නොකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT