Sunday, May 11, 2025
Home » මාධ්‍යයට විනයක් අත්‍යවශ්‍යයි

මාධ්‍යයට විනයක් අත්‍යවශ්‍යයි

by sachintha
December 11, 2023 1:00 am 0 comment

මන්ත්‍රී ජේ.සී. අලවතුවල

මාධ්‍ය තුළ පවතින ඇතැම් ගැටලුකාරී හැසිරීම් නිසා මාධ්‍ය තුළ විනයක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (08) පැවසීය.

වරාය, සිවිල් ගුවන්සේවා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

දියුණු සන්නිවේදනයක් ලෝකය තුළ තිබෙනවා. රටක පාලන තන්ත්‍රයට බලපෑම් කළ හැකි ක්ෂේත්‍රයක් විදියට මාධ්‍ය හැඳින්විය හැකියි. රටක් පාලනය කරන ක්ෂේත්‍රයක් මාධ්‍ය. රටක ඉදිරි ගමනට ඍජුවම මාධ්‍ය භාවිතය බලපානවා. ජනතාව මෙහෙය වීමට මාධ්‍යයට හැකියාව තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා මුළු ලෝකයක් දකින්න අතේ තිබෙන ජංගම දුරකතනයෙන් පුළුවන්. මවුපියන් ඉච්ඡාභංගත්වයට පත්ව සිටිනවා.

ඒ නිසා මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විනයක් අත්‍යවශ්‍යයි. දේශපාලනය, පුද්ගලයන් වශයෙන් අපහසුතා ඇති වෙනවා. සමාජ මාධ්‍ය තුළ ඕනෑම අයකුට පහර දීමේ හැකියාවක් ඇති වෙලා තිබෙනවා.

ගුවන්සේවා සම්බන්ධයෙන් කතා කළ විට රට ඉදිරියට ගෙන යෑමට නම් ගුවන්සේවා රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් ගුවන්යානා 37,500ක් පමණ රටට ඇවිත් තිබෙනවා. කොවිඩ් කාලයෙන් පසුව තමයි මේ පැමිණ තිබෙන්නේ. එය සැලකිය යුතු සංඛ්‍යාවක්. රටට ගුවන්යානා පැමිණීම වැඩි වෙන තරමට හොඳයි. ජලාශ්‍රිත ගුවන්යානා ක්ෂේත්‍රය ද දියුණු කිරීමෙන් රටේ දියුණුවට හේතු වෙනවා. සංචාරක ක්ෂේත්‍රය දියුණුවට එය හේතුවක් වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT