මන්ත්‍රී උදයන කිරිඳිගොඩ
කඩා වැටෙමින් තිබෙන සිනමා කර්මාන්තය නැවත ගොඩනැඟීමට පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (08) පැවසීය.
වරාය, සිවිල් ගුවන්සේවා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
වැට් බද්දක් ඉදිරියේදී එනවා. ඒ බද්ද මෙරට සිනමා කර්මාන්තයටත් මුද්‍රණ කර්මාන්තයටත් බලපානවා. මාධ්‍යවේදීන්ගේ සුරක්ෂාව කෙරෙහිද අපි අවධානය යොමු කළ යුතුයි. මහජනතාවට සිනමාව නැරඹීම ක්‍රමයෙන් නැතිවේගෙන යනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිනමාහල් 8ක් තිබුණා. ඒවා ඔක්කොම වැහිලා. ඒවා වැහිලා රථ ගාල්, හෝටල් හදලා.
කටුගස්තොට තිබෙන සීගිරි සිනමාහල පමණයි දැන් ජනතාවට චිත්‍රපටයක් නැරඹීමට තිබෙන්නේ. ජනප්‍රිය නිෂ්පාදන බිහි නොවීමත් මේවා වැහෙන්න හේතුවක්. ජනතාව ආකර්ෂණය කරන සිනමාපට ප්‍රවර්ධනය කළ යුතුයි. ගැමියාට ගොස් බැලිය හැකි සිනමාහල් නිර්මාණය කළ යුතුයි.