Sunday, May 11, 2025
Home » වැට් කෙටුම්පත විවාදයට ගැනීමට බහුතරයේ කැමැත්ත

වැට් කෙටුම්පත විවාදයට ගැනීමට බහුතරයේ කැමැත්ත

by chanaka
December 11, 2023 10:42 am 0 comment

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පවත්වනනේද නැද්ද යන්න පිළිබද ඡන්ද විමසීමක් අද(11) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණී.

ඊයේ පාර්ලිමේන්තුව ඝණ පුර්ණය නොමැති බවට විපක්ෂය මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් මෙම විවාදය අදට කල් තැබීමට සිදු විය.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට එළැඹුණි.

එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT