Home » ත්‍රි‍රෝදය පෙරළී අයෙක් මරුට

ත්‍රි‍රෝදය පෙරළී අයෙක් මරුට

by sachintha
December 11, 2023 1:00 am 0 comment

මාදම්පේ ඕබඩකන්ද අංක දෙක කොටසේදී මාර්ගයෙන් ඉවතට ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ත්‍රිරෝද රථය පැදවූ 29 හැවිරිදි දෙදරු පියා එතැනම මරුමුවට පත්වූ බව රක්වාන පොලිසිය පවසයි. අඩි දහයක පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ ත්‍රිරෝද රථය ගැන ප්‍රදේශවාසියකු විසින් ඊයේ (10) උදැසන දැක රක්වාන පොලිසියට දන්වා තිබුණි. මියගොස් ඇත්තේ ආර්.ජී. අජිත් කුමාර් නම් අයෙකි. ඔහු රක්වාන මාදම්පේ වතුයායේ අංක දෙක කොටසේ පදිංචිකරුවෙකි. මියගිය අයගේ ජංගම දුරකතනය 09 වැනිදා පස්වරු හයේ සිට විසන්ධිව තිබූ බව මිය ගිය අයගේ පවුලේ අය පොලිසියට ප්‍රකාශ කර තිබේ. ත්‍රිරෝද රථය පෙරළී ගිය ස්ථානය පාළු ස්වභාවයක් ගන්නා ස්ථානයක් නිසා පැය 12ක කාලයක් යන තෙක් කිසිවකු නොදැන තිබූ අතර මිය ගිය අයගේ ගෙල කැඩී තිබූ බවද පොලිසිය පැවසීය. පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී ඊයේ (10) සිදු කිරීමට නියමිතව තිබුණි. රක්වාන පොලිසියේ ස්ථානාධිපති අනුර සෝමසිරි මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් මුරමුදලිගේ මහතාගේ මෙ‍ෙහයවීමෙන් සැරයන් (8630) ගාමිණී, කොස්තාපල් (84839) මලින්ද යන මහත්වරුන් පරීක්ෂණ සිදු කරති.

කහවත්ත – නිරෝෂණ පෙරේරා රක්වාන – ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT