Home » උතුරේ සමුපකාරවල සීනිවල දිලීරයක්

උතුරේ සමුපකාරවල සීනිවල දිලීරයක්

by sachintha
December 11, 2023 1:00 am 0 comment

උතුරේ සමුපකාර සමිති වෙත අලෙවි කිරීම පිණිස ලබා දී ඇති සීනි කිලෝ 30000ක් මිනිස් ආහාරයට නුසුදුසු බවට එම පළාත්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තීරණය කොට තිබේ.
එම තීරණයෙන් පසුව පාරිභෝගික ආරක්ෂක කමිටු කිහිපයක් මේ පිළිබඳව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දීමෙන් පසුව අමාත්‍යවරයා එම සීනි ප්‍රශ්නයට පුද්ගලිකවම මැදිහත් වී එම සීනි තොගය ආපසු යැවීමට පියවර ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් දී ඇත.
උතුරේ සමුපකාර සමිති වෙත සීනි කිලෝ ග්‍රෑම් 80000ක් ලබා දී ඇති අතර ඉන් කිලෝ 30000ක් යල් පැන ගිය සීනි වන අතර ඒවායෙහි දිලීරයක්ද වර්ධනය වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
ඉන්දියාවෙන් මීට වසර කිහිපයකට පෙර ආනයනය කරන ලද මෙම සීනි තොගය ගබඩාවල කාලයක් නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දී තිබේ. උතුරේ සමුපකාර සමිති වෙත ලැබී ඇති මෙම නරක් වූ සීනි තොගවල සාම්පල් කිහිපයක් ලබා ගෙන සීනි තොගය ආපසු යැවීමට පියවර ගෙන තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT