Home » ලක්ෂ 80ක රන් හා මුදල් කොල්ලකෑ තිදෙනෙක් බඩු සමඟ මාට්ටු

ලක්ෂ 80ක රන් හා මුදල් කොල්ලකෑ තිදෙනෙක් බඩු සමඟ මාට්ටු

by sachintha
December 11, 2023 1:00 am 0 comment

කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 80ක් වටිනා රන් භාණ්ඩ හා මුදලින් රුපියල් 180000ක් මංකොල්ල කෑ පුද්ගලයින් තුන් දෙනෙකු කිලිනොච්චිය පොලිසිය විසින් පෙරේදා (9) අත්අඩංගුවට ගෙන තිබේ.
ශාන්තපුරම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වී මෙම පුද්ගලයින් තුන් දෙනා රන් පවුම් 58ක් බර ස්වර්ණාභරණ තොගයක්, මුදලින් රුපියල් 180000ක්, ජංගම දුරකතන දෙකක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් මංකොල්ලකා පලා ගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. සැකකරුවන් ළඟ තිබී ඔවුන් විසින් සොරා ගන්නා ලද ස්වර්ණාභරණවලින් කොටසක් හා තවත් භාණ්ඩ කිහිපයක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර, සැකකරුවන් නිවසින් මංකොල්ලකෑ මුදල් ඔවුන් විසින් වියදම් කොට ඇති බව පොලිසිය පැවසීය. සැකකරුවන් අද (11) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT