බණ්ඩාරගම දේවාලයක තැන්පත් තිබූ දේව ප්‍රතිමා සොරා ගැනීම ඇතුළු සොරකම් කීපයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු සොරා ගත් දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සොරාගෙන තිබූ කතරගම ප්‍රතිමාවට පළඳවා තිබු පවුම් භාගයක රන්මාලය සැකකරුවන්ගේ නෙත ගැටී නැතැයි පොලිසිය කියයි. එම සැකකරුවන් සමඟ හොරයින් මත්කුඩු මිලිගෑම් 5320 ක් පිත්තල වලින් නිමවන ලද කඩවර සහ කතරගම දේව ප්‍රතිමා දෙකක් ,පවුම් භාගයක රන් මාලයක්, තන කොල කපන මැෂිමක් හා ගල්වනයිස් පිලි කොටස් 14 ක් මෙන්ම ඒවා ගැලවීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත
බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශෂික මධුසංඛ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් බණ්ඩාරකම රාජගම ප්‍රදේශයේ සංචාරයේ යෙදී සිටියදී සැක කටයුතු තීරෝද රථයක් නවතා සිදු කළ පරික්ෂාවේදී එහි ගැලවනයිස් පීලි තොගයක් හා සැකකරුවෙකු සන්තකයේ හොරයින් මත්කුඩු තිබීම සම්බන්ධයෙන් පොලිසියට රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම සැකකරුවන් විසින් රාජගම ප්‍රදේශයේ දේවාලයක් කඩා එහි තැන්පත් කර තිබූ කඩවර සහ කතරගම දේව ප්‍රතිමා දෙකක් සොරාගෙන බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දේවාලයකට රුපියල් 25000කට විකුණා හොරයින් මත්කුඩු පානය කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
තවද සැකකරුවන් බණ්ඩාරගම නගරයේ කුලියට භාණ්ඩ දෙන ස්ථානයකින් තණකොළ කපන මැෂිමක් කුලී පදනම මත ලබාගෙන එය රුපියල් 8500/= මිලකට බණ්ඩාරගම ආදර්ශ වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් පදනම මත සේවය කරන පුද්ගලයකු සමඟ එක්ව මිල්ලනිය පොලිස් වසමට අයත් පරගස්තොට අධිවේගී පාලම ආසන්නයේ මාර්ගය දෙපස ආරක්ෂිත වැට ට යොදා තිබූ ගැල්වනයිස් පීලි කොටස් කපා තිබුණේද මෙම සැකකරුවන් බව ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වු බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 38 අතර පසුවන පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ආකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශෂික මධුසංඛ , උප පොලිස් පරීක්ෂක ඒ එම් අජිත් කුමාර පොලිස් සැරයන්වරුන් වන 64407 අමරනාත් ,72080 අල්විස් ,78888 ලියනගේ පොලිස් කොස්තාපල් 94114 රත්නායක මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම බිමල් ජයසිංහ