සැකකරු පල්ලියට පැමිණි අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබූ අයුරු.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සේවය කළ මුරකරු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු ඉකුත් (8) දින සිකුරාදා යාඥාවෙන් පසු පල්ලියට පැමිණ සැරිසරන අයුරු ආරක්ෂිත කැමරා කිහිපයකම සටහන් ව තිබු අතර, එම දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත. හැටන් ජුම්මා පල්ලියේ මුරකරු වශයෙන් සේවය කරමින් සිටි එම්. ඊබ්‍රහිම් (67) හැවිරිදි සිව්දරු පියා (09) දින අලුයම 01 ට පමණ මුරකරු විවේක ගන්නා කාමරයේ දී යම් දෙයකින් හිසට පහර දි ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇත. මුරකරු ඝාතනය කිරීමට ප්‍රථම ඉකුත් (8) දින පල්ලිය වෙත පැමිණි සැකකරු පල්ලිය තුල සිටි කිසිවෙකුට සැක නොසිතන සේ පල්ලියේ ස්ථාන කිහිපයකම සැරිසරා පල්ලියේ මුළුතැන්ගෙහි තිබු භාණ්ඩ කිහිපයක් රැගෙන බැගය තුල දමාගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි. පහර දිමෙන් ජිවිතක්ෂයට පත් මුරකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය (10) දින දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.
ඝාතකයා සොයා අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ