Home » දෙහිවල හේලි හදිසියේ මියයයි කකුලේ තුවාලයකට නිර්වින්දනය කරලා

දෙහිවල හේලි හදිසියේ මියයයි කකුලේ තුවාලයකට නිර්වින්දනය කරලා

by sachintha
December 11, 2023 1:00 am 0 comment

ජිරාෆ් ගෑනු සත්වයා කකුලේ ආබාධය නිසා නිතර වැතිර සිටීමට පුරුදුවී ඇති අයූරු

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයන් දෙදෙනාගෙන් වයස (35) ක් වූ ” හේලි ” නම් ගැහැනු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සත්වයා පසුගිය දිනවල කකුලේ විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමත් අසීරුවෙන් ගමන් කරමින් නිතර වැතිර සිටිනු දක්නට ලැබු බවත් සේවකයින් කියා සිටී.

ඒ අනුව ඉකුත් (07) වනදින සවස සත්වයාගේ කකුලට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන් සත්වයා නිර්වින්දනය සදහා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරු සත්වයා බිම වැතිර ඇති අතර ප්‍රතිකාරවලින් පසු ප්‍රකෘති සිහිය ගැනීමට අපහසුවීම නිසා සත්වයා මිය ගොස් ඇත. මේ පිළිබඳව සත්වෝද්‍යාන නව අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ මෙම සත්වයා එදින කකුලේ පැසවා තිබූ තුවාලයකට ප්‍රතිකාර කිරීමට නිර්වින්දනය සඳහා ලබාදුන් ඖෂධ මාත්‍රාවක් ශරීරගතවීම නිසා සිහිසුන්වී මියගොස් ඇති බවට පශු වෛද්‍ය වරුන් තමා දැනුවත් කර ඇති බවකි. ඒ අනුව මේ සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරනු ලබන බවත් දැනට පේරාදෙණිය පශු වෛද්‍ය අංශය වෙත සිරුරේ කොටස් යොමුකර ඇති බවත් එයින් පසු නිශ්චිත හේතු ප්‍රකාශ කළ හැකි බවත් ය.

දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT