Sunday, May 11, 2025
Home » දළඹු උවදුරකින් කුඹුරු අක්කර විසිදාහක් ඉවරයි

දළඹු උවදුරකින් කුඹුරු අක්කර විසිදාහක් ඉවරයි

by sachintha
December 11, 2023 1:02 am 0 comment

යාපනයේ චාවාකච්චේරී තනන්කිලප්පු ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොයමට දළඹුවකු හා කෘමියකු බෝ වීම නිසා මේ වන විට එම පළාත් වල කුඹුරු අක්කර විසි දහසකට අධික ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ.

චාවාකච්චේරී කෘෂි නිලධාරීන් අදාළ ක්ෂේත්‍රයට ගොස් මෙම උවදුර පිළිබදව මූලික පරීක්ෂණ අරඹා ඇති අතර ඔවුන් විසින් ගොයමට හානි කරන ලද කෘමියා ‘පිට සූදු තණ පෙත්තා’ ලෙසට හදුනා ගෙන ඇතත් අලුතින් බෝ වී සිටින දළඹුවා මෙතෙක් හඳුනා ගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කෘමි විශේෂඥ පිරිසක් කොළඹ සිට යාපනයට පැමිණීමට නියමිතව තිබේ. එම විශේෂඥයින් චාවාකච්චේරී ප්‍රදේශයේ හානි වී ඇති ගොයම නිරීක්ෂණය කොට එම ගොයමට හානි කරන කෘමියා හා දළඹුවා නිශ්චය ලෙස හදුනා ගෙන ඒ සඳහා යෙදිය යුතු ප්‍රතිකර්ම ගොවීන්ට හදුන්වා දීමට නියමිත ය.

යාපනයේ ගොවීන් මෙම දළඹුවා හා කෘමියා විනාශ කිරීමට බොහෝ රසායන ද්‍රව්‍ය යොදා ඇතත් ඉන් කිසිදු පලක් වී නොමැත.

ගොවීන් විශ්වාස කරන්නේ මෙම කෘමියා හා දළඹුවා බිත්තර වී සමඟ තම ගොයමට බෝ වී ඇති බවයි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT