පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කිලෝ මීටර් 1.7ක දුරකින් යුත් නාවලපිටිය දඬු බැඳිරුප්ප, වැලිගොඩවත්ත මාර්ගයේ රජ ඇළ හරහා ඉදි කර තිබු කොන්ක්‍රීට් පාලම අබලන් වී කැඩී යාම හේතුවෙන් ගම්මාන රැසක පදිංචිකරුවන් දැඩි අසීරුතාවයට පත් වී ඇත.
මෙම පාලම හරහා නාවලපිටිය දඬුබදිරුප්ප, වැලිගොඩවත්ත යන ගම්මානවල පදිංචි පවුල් සියයකට අධික ප්‍රමාණය පදිංචිකරුවන් තම දෛනික ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වී ඇත.
මීට වසර දොළහකට පමණ පෙර කොන්ක්‍රීට් පාලමක් ලෙස සකසා තිබූ මෙම පාලම වසර දෙකකට පෙර ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාව නිසා අබලන්ව කැඩී ගිය බවත්, එතැන් සිට ගම්වාසීන්ගේ සහයෝගයෙන් ලෑලි යොදා ගමනා ගමනයට එම පාලම සකස් කළ බව ගම්මානවල පදිංචිකරුවෝ කියා සිටියහ.
පසුගියදා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ එසේ සකස් කර තිබු තාවකාලික පාලම ද කැඩි ගොස් ඇති බවත්, කඩිනමින් කැඩි ගොස් ඇති පාලම සකස් කර දෙන මෙන් අසීරුතාවයට පත් ගම්මානවල පදිංචිකරුවන් ඉල්ලා සිටිති.
හැටන් – රංජිත් රාජපක්ෂ
105
කලින් පුවත