232
සොරගුනේ යපම්ව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් අඹුසැමි යුවලක් තුවාල ලබා පෙරේදා (09) දියතලාව රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
නිවස මතට ගස කඩා වැටෙන අවස්ථාවේ මෙම යුවලට අමතරව කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු පස්දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිදු තුවාලයක් නොලබා බේරි ඇතැයි පොලිසිය පැවසීය. පැවති වර්ෂාවත් සමඟ මෙසේ නිවස අසළ තිබූ විශාල ගසක් නිවසේ කාමරයකට වැටී ඇති අතර ඔවුන් කාමරයේ නිදා සිටිය දී මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය. මේ සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
සොරණාතොට සමුහ
සී. ගමගේ