කරුංකා ඇතුළු කුළුබඩු එක් රැස්කරන යටියන්තොට අලිවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකට පසුගියදා (08) සවස් කාලයේ ඇති වූ ගින්නක් හේතුවෙන් අපනයනය සඳහා සූදානම් කර තිබූ කරුංකා තොගයකටත්, එම ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිලිවලටත් තදබල හානි සිදුව ඇති බව යටියන්තොට පොලීසිය පවසයි.
සවස් කාලයේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවකයන් මෙන්ම පාලන අංශය මහත් පරිශ්‍රමයක් දැරූ අතර තද වර්ෂාවත් සමඟ ගින්න පැතිරීම වැලකී තිබුණේය. සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නැති අතර යටියන්තොට පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. මහින්ද පද්මසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටිති.
යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක
179
කලින් පුවත