තිස්වසරක යුද්ධයේ දී දිවිපිදූ ගාල්ල, මාතර හා හම්බන්තේට දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි ගැමුණුහේවා බලඇණියේ වීරෝධාර රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් පෙරේදා (09) මාතර වෙරළ තීරයේ පිහිටි රණවිරු ස්මාරකය අසළ දී පැවැත්විණි.
ගැමුණුහේවා බලඇණියේ රෙජිමෙන්තු අධිපති මේජර් ජනරාල් එච්. ඩබ්ලිව්. වෙළගෙදර RSPVSPUP මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම් උත්සවයේ දී මියගිය රණවිරුවන්ගේ මව්පියන්, බිරින්දෑවරු, දරුදැරියන් හා ඥාතීන් විසින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැකිවීම හා වත්මන් රෙජිමෙන්තු වීරුවන්ගේ සැමරුම් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.
මාතර කොටුව ගැමුණුහේවා බලඇණියේ අණ දෙන නිලධාරී මේජර් එච්. පී. ඩී. සී. තිලකරත්න මහාතාගේ මෙහෙයවීම මත සංවිධාන කර තිබූ උත්සවයේ දී රණවිරු දෙමාපියන්, බිරින්දෑවරු හා දරුදැරියන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ද එම ස්ථානයේ දී පැවති අතර මීට සමගාමිව මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්විණි.
ගන්දර සමුහ
ජයසිරි පේදුරුආරච්චි
248