Home » කොටි ලාංජනය ගහගෙන ත්‍රිවීල් දුවලා

කොටි ලාංජනය ගහගෙන ත්‍රිවීල් දුවලා

by sachintha
December 11, 2023 12:20 am 0 comment

කොටි ත්‍රස්තවාදී ලාංජනය සහිත ස්ටිකර්යක් ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ ත්‍රිවීල් රථයක් මාතලේ කන්දේනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.
මෙලෙස ත්‍රිවිල් රථය ධාවනය කළ පුද්ගලයා ජාඇල ප්‍රදේශයේ ඉන්ධන හලක සේවය කර නිවාඩු ලබාගෙන නිවසට විත් තම ත්‍රිවිල් රථය පිටුපස වීදුරුව කැඩී ඇති බැවින් එය සකස් කරගෙන ස්ටිකර් ආයතනයෙන් මෙලෙස කොටි ස්ටිකරය ලබාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරනය වී ඇත. මෙම පුද්ගලයා කන්දේනුවර පදිංචි අයෙකු බවත් වතුකර සහිත ප්‍රදේශයකි.
මේ වන විටත් ස්ටිකර් ආයතනයේ සේවකයින් දෙදෙනා මාතලේ පොලිසිය මගින් විමර්ෂනය කරන බවත් ත්‍රිවිල් රථය පැදවු අයද කන්දේනුවර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාතලේ ජේෂ්ඪ පොලිස් අදිකාරි උපදෙස් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කිරිමෙන් පසු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිත බව කන්දේනුවර පොලිස්තානාධිපති ලෙව්කේ බංඩාර මහතා සඳහන් කළේය.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT