Sunday, May 11, 2025
Home » මැණික් මුදලාලිලා ගස් සිටුවන්න යති

මැණික් මුදලාලිලා ගස් සිටුවන්න යති

by sachintha
December 11, 2023 1:24 am 0 comment

නිත්‍යානුකුලව සහ අනවසර ආකාරයෙන් කැනීම් කර මැණික් ගරන පිරිස් පතල් නොවැසීම නිසා පරිසරයට හානියක් නොවන අන්දමට රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට දේශිය තුරු ලතා වගා කිරීමට පියවර ගන්නා බව මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ඊ. එම්. පි. ජි. කුමාරසිරි මහතා පැවැසිය. මෙලෙස අදහස් පළ කළේ මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් ලග්ගලින් ආරම්භ කරන රැක්රෝපණ අවස්ථාවට මුලිකව මාඹය ලකේගල හෝටලේ දී පැවැති හමුව අවස්ථාවේ දී ය.

මෙහිදී අදහස් දැක් වු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාවුල ප්‍රාදේශිය කළමාකරු සංජිව මූණමල්පේ මහතා ප්‍රකාශ කළේ, “පරිසර සංරක්ෂණ අධිකාරීය වශයෙන් දක්වන දායකත්වය ප්‍රමාණවත් නැහැ. කළ ව්‍යාපෘති වලින් සියයට 80ක් අසාර්ථකයි. පතල් කර්මාන්තය නිරන්තරයෙන්ම පරිසර සමඟ ගැටීමක් සිදු කරන්නේ.

කැණීම් වලින් අපි ප්‍රයෝජනයට ගන්නේ ඉතාම සුළු මැණික් ගල් ප්‍රමාණයක් වුණත් පරිසරයට, මහ පොළවට දැඩි වේදනාවක් ඒ තුළින් සිදුවන බව අපි නිරන්තයෙන්ම සිහි ගත යුතුයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අපේ ආර්ථිකයට ජාතික ආදායමට මැණික්වලින් ලැබෙන්නේ විශාල ශක්තියක්. අපි පරිසරයට සිදු කරන හානියට කෘතගුණ සැළකීමට බැදී සිටින නමුත් වගකීම පැහැර හැර තිබෙනවා. මෙහි විපාක අනාතග පරපුරට විදින්නට සිදු වේවි. අද ආරම්භ කළ පරිසරයට කෘතගුණ සැළකීමේ දේශීය තුරුලතා සිටු වීම පරිසරයට හුස්ම පොදක් වගේම අනාගත දරුවාගේ පැවැත්මට පිරිසිදු හුස්ම පොදක් ලැබෙනු ඇති බව ද අනාවරනය කළේය”.

ලබන 28 දිනට යෙදී ඇති අන්තර් ජාතික දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්විණි. මෙම අවස්ථාවට විශාල පිරිසක් එක් වූහ. කැනීම් කර නොවැසූ පතල් වසා පරිසරයට ආවේනික දේශීය තුරුලතා සිටු වීම ලග්ගල මැණික් ව්‍යාපාරික සංසදය එක්ව ආරම්භය මෙදින කෙරිණි.‍
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT