අවසන් තරගයේ වීරයා වෙමින් අසේල ගුණරත්න ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවති ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය.
සුරත්හිදී පැවති අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් යුබර්න්රයිසර්ස් හයිද්‍රාබාද් පිල රැස් කළ ලකුණු 187ක ඉලක්කය හඹා ගිය මනිපාල් ක්‍රීඩකයෝ ඕවර 19කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී තිබියදීය.
මනිපාල් ජයග්‍රහණයේ නියමුවා වූ අසේල ගුණරත්න නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 29කදී හතරේ පහර 5ක් සමඟිනි. ඇන්ජලෝ පෙරේරා පන්දු 23කින් ලකුණු 30ක් සහ තිසර පෙරේරා පන්දු 13කින් ලකුණු 25ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ස්ටුවර්ට් බනී කඩුලු 3ක් දවා ගත්තේය.
රිකී ක්ලාක් නොදැවී ලකුණු 80ක් සහ ගුර්කීරත් සිං මාන් ලකුණු 64ක් පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී පන්කජ් සිං කඩුලු 2ක්, තිසර පෙරේරා කඩුල්ලක් දවා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමි විය.