Sunday, May 11, 2025
Home » ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ශූරයා සිනෙත්-ශූරිය රනිත්මා

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ශූරයා සිනෙත්-ශූරිය රනිත්මා

by sachintha
December 11, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතා දිනා ගැනීමට සිනෙත් මන්තුක රූපතුංග සමත් වූ අතර, බාලිකා ඒකල ජය රනිත්මා ලියනගේට හිමි වූවාය.

19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී සිනෙත් මන්තුක ලකුණු 22-20ක් සහ 24-22ක් ලෙස සෙනුක් සෝමරත්න පරාජයට පත් කළ අතර, බාලිකා අවසන් මහ තරගයේදී රනිත්මා ලියනගේ හමුවේ ලකුණු 21-13ක් සහ 21-6ක් ලෙස ප්‍රවීණා විජේසුන්දර පරාජය වූවාය.

19න් පහළ බාලක ඒකල තරගය දිනූ සිනෙත් මන්තුක එම වයස් කාණ්ඩයේ බාලක යුගල තරග අංශය ජය ගැනීමට ද සමත් වූයේ සාජිඩ් මජීඩ් සමඟ එක්ව ලකුණු 21-17ක්, 22-24ක් සහ 21-17ක් ලෙස අචින්ත ඉමේෂ සහ පසිඳු පරාජය කරමිනි. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරග අංශය ජය ගනු ලැබුවේ ලකුණු 16-21ක්, 21-14ක් සහ 21-17ක් ලෙස ඉනූෂි අමන්දි සහ ප්‍රවීණා විජේසුන්දර පරාජයට පත් කළ දසිත්මා ලිතුලි සහ සිතුකි ඕනදී විසිනි.

හිරුක සහන්මිත් වට 2-1කින් පරාජය කළ රෙෂාන් හරිත් අවුරුදු 17න් පහළ බාලක ඒකල තරගය ජයගත් අතර, 2-0කින් රනුමි මානගේ පරාජය කළ දිලිනි අම්බලන්ගොඩගේ එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශය ජය ගත්තාය.

අවුරුදු 15න් පහළ බාලක ඒකල තරග අංශය සෙනුත් සෙත්මිත ජය ගනු ලැබුවේ කෙනෙත් අරුක්ගොඩ පරාජය කරමිනි. නෙත්මි අමායා සමඟ තරග වැදුණු විශ්වනී වන්නිආරච්චි අවුරුදු 15න් පහළ බාලිකා ඒකල තරග අංශය ජය ගත්තාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT