165
කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මඟින් නිවාසාන්තර ක්‍රීඩා තරගයක් අංගොඩ ටි.බි. ඉලංගරත්න ක්‍රීඩාංගණයේදී පෙරේදා (9) පැවැත්විණි.
සේවක පිරිස්වල සහභාගිත්වයෙන් විවිධ තරග ඉසව් පැවති අතර, සේවකයන් නිවාස තුනකට බෙදී තම දක්ෂතාවයන් පෙන්වනු ලැබූහ. ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි පැවති මේ උලෙළේදී කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා අතින් තෑගි පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ