Home » යතුරුපැදි අනතුරෙන් තරුණයෙක් මරුට

යතුරුපැදි අනතුරෙන් තරුණයෙක් මරුට

by sachintha
December 12, 2023 12:00 am 0 comment

සෝමාවතිය පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ලංකාපුර බී. ඕ. පී. 400 ප්‍රදේශයේදී පෙරේදා (10) පස්වරු තුනට පමණ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයකු මියගොස් තුන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුලස්‌තිපුර පොලිසිය පවසයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ තඹාල දෙසින් සුංගාවිල දෙසට යතුරුපැදිය ධාවනය කළ අංක 97 ජයපුර සුංගාවිල ලිපිනයේ පදිංචිව සිටි තාෂීම් අහ්නාෆ් නමැති 18 හැවිරිදි තරුණයෙකි. අනතුරින් තුවාල ලබා දැනට පොලොන්නරුව ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තිදෙනාද සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
ලංකාපුර සමූහ – එච්. එල්. ද සොයිසා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT