2024 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තුන්වන වර කියවීම අද(13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2024 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛණය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 13 වැනිදාය.
ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත ඊට පසුදින සිට නොවැම්බර් 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණි.
අනතුරුව පසුගිය නොවැම්බර් 22 වැනිදා ආරම්භවූ අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද පස්වරුව දක්වා පැවැත්වුණි.
තුන්වන වර කියවීමේ අවසන් දිනය වන අද දිනයේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ වැයශීර්ෂයන් කිහිපයක් විවාදයට ගෙන තිබුණි.
එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.