Home » ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

by chanaka
December 13, 2023 3:47 pm 0 comment

අද(13) ‍රැස් වූ ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇත.

අවුරුදු 22කට පෙර (2001) අද (13) වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවැනිම ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සංවත්සරය සැමරුමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් දෙදෙනෙකු ගොඩනැගිල්ලට ඇතුළු වී මන්ත්‍රීවරුන් සහ කථානායකවරයාට මෙසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව සදහන් වේ.

අදාළ පුද්ගලයින් ආරක්ෂක මුර කපොළු 5ක් පසු කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇත.

ඔවුන් අමුත්තන්ගේ ගැලරියේ වාඩි වී සිටි අතර පසුව ඔවුන් පැලද සිටි පාවහන් වලින් මෙම ප්‍රහාරය එල්ල කිරීම අවශ්‍ය මෙවලම් එළියට ගෙන තිබේ. ඔවුන් මේසයෙන් මේසයට පනින අයුරු රූපවාහිනී දර්ශනවලින් පෙන්නුම් කෙරේ.

සභාවේ කටයුතු මෙහෙයවමින් සිටි භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජේන්ද්‍ර අගර්වාල් කියා සිටියේ අමුත්තන්ගේ ගැලරියෙන් එක් අයෙක් වැටෙනු තමා දුටු බවත්, ඒ සමඟම තවත් මිනිසෙක් මේසය මතට පනිමින් සිටින බවත්ය.

මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2 දක්වා කල් තබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT