ඝාතනයට ලක් වූ පාතාල නායකයකු වන සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 14770 ක් පොලිස් භාරයට ගෙන ඇත
බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් එන් එච් වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල පොලිස් වසමේ සංචාරයේ යෙදී සිටියදී සැකකරු බොරැල්ල මතා පාර රේල් පාර අසලදී පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව හමුවූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් ඇප මත සිටින්නෙකු බවත් පොලිසියේ සඳහන් කරයි
බොරැල්ල ගජබා පාර පදිංචි සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි