Tuesday, May 13, 2025
Home » සොත්ති උපාලිගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සොත්ති උපාලිගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

by yasara
December 13, 2023 1:07 pm 0 comment

ඝාතනයට ලක් වූ පාතාල නායකයකු වන  සොත්ති  උපාලි නමැත්තාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය  මිලිගෑම් 14770 ක් පොලිස් භාරයට ගෙන ඇත

බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්  එම් එන් එච් වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල පොලිස් වසමේ සංචාරයේ යෙදී සිටියදී  සැකකරු බොරැල්ල  මතා පාර රේල් පාර අසලදී පරික්ෂා කිරීමේදී ඔහු  සන්තකයේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව හමුවූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය  සමග පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් ඇප මත සිටින්නෙකු බවත් පොලිසියේ සඳහන් කරයි

බොරැල්ල ගජබා පාර පදිංචි සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT