යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී ඊයේ (12) දහවල් කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි
එම පුද්ගලයා මිතුරන් කීපදෙනෙකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස් වැසුම් පැළඳ කළු පැහැති යතුරුපැදියකින්, කළු පැහැති ජැකට් පැළඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි
නාඳුනන පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ සිට දෙපාරක් ගිනි අවිය ක්‍රියාත්මක කර ඇතත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් යතුරුපැදියෙන් ඔබේසේකරපුර දෙසට පලා ගොස් ඇතැයි
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය 31 පුද්ගලයාගේ සහෝදරියට මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් ඉකුත් 3 වෙනි දින සංවිධානාත්මක අපරාධකරුවකු වන කඳගම දෙනිය ගෙදර ප්‍රදීප් සඳරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන යන පුද්ගලයා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඇයට සහ පවුලේ අයට මරණ තර්ජනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මරණ තර්ජනයට ලක් වූ පාර්ශ්වය සංවිධානාත්මක අපරාධ කරුවෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ හිතවතුන්ගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මරණ තර්ජනයට සහ වෙඩි තැබීමට ආසන්න හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරුෂාමික මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි