මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහන යටතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් විශේෂ ජංගම සේවාව දෙසැම්බර් මස 16 සහ 17 දෙදින තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ජංගම සේවය දෙසැම්බර් මස 16 වන දින නුවරඑළිය නගර සභා පරිශ්‍රයේ පැවැත්වෙන අතර, නුවරඑළිය දිස්ත්‍රික් ජංගම සේවා වැඩ සටහනට සමගාමීව ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වන කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ළමුන් හා තරුණ තරුණියන් සදහා කෙන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර ඇති, සංහිදියා වැඩ සටහන නුවරඑළිය තලවක වතුයායේදී පැවැත්වීමට නියමිතය.
මාතලේ දිස්ත්‍රික් ජංගම සේවය දෙසැම්බර් 17 වන දින මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මාතලේ දිස්ත්‍රික් සංහිදියා කමිටුව පිහිටුවීම හා දැනුවත් කිරීමේ වැඩ සටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.
උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ ගැටලු සහ එම ලේඛන ලබා ගැනීම සම්බන්ධ ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, සංශෝධනයන් සිදු කිරීම, සහ නැති වු හැදුනුම්පත් සදහා දෙවන පිටපතක් නිකුත් කිරීමට අදාළ සේවාවන් සැපයීම, ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල පිළිබදව දැනුවත් කිරීම, හානි පූර්ණයන්ට අදාළ වන්දි ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ගේ ගොනුවල පවතින අඩුපාඩු සම්පුර්ණ කිරීම, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන පැවැත්වීම සහ එම විමර්ශනවලට අදාළ අත්‍යවශ්‍ය ලේඛණ සම්පුර්ණ කිරීම, සමථකරණය පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම, නීති උපදෙස් ලබාදීම හා නීති සායන පැවැත්වීම මෙම ජංගම සේවාව තුළි දී සිදු වේ.
මෙම ජංගම සේවය සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, හානි පුර්ණය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය, සමථ මණඩල කොමිෂන් සභාව හා නීති ආධාර කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය අයතන නිලධාරීන් මෙම විශේෂ ජංගම සේවාව සදහා සහභාගි වේ.