“විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගනිමින් බුදුදහමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ හැසිරුණු චීවරධාරියාව ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගතකර තිබේ.
සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) අත්අඩංගුවට ගැනුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් ප්‍රකාශ කළේ Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා මොහු බුදු දහමට අපහාස වන අයුරින් හැසිරී ඇති බවට ලැබුණු පැමිණිලිවලට අනුව කලගෙඩිහේන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.
සැකකාර චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය.