Home » වැඩබලන පොලිස්පතිගේ උපදෙස් මත එන අලුත් ඒකකය මෙන්න

වැඩබලන පොලිස්පතිගේ උපදෙස් මත එන අලුත් ඒකකය මෙන්න

by chanaka
December 13, 2023 8:08 pm 0 comment

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මෙසේ කියා සිටියේය,

“පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කරන්න කියලා.”

“ඒ අනුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන්.”

ඒ අනුව මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව තිබේ.

ෆැක්ස් අංකය – 0112 381 045

ඊමේල් ලිපිනය – ccid.religious@police.gov.lk

මේ කුමන ආකාරයෙන් උවද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT