Home » එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

by chanaka
December 14, 2023 6:24 pm 0 comment

එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එළඹෙන ජනවාරි මස 10වැනිදා සිට 13 වැනිදා දක්වා ඇය මෙරට සංචාරය කරනු ඇත.

ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඇයට රාජකීය ආරාධනය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT