කුරුණෑගල ‘බුවනෙකබා රාජසභා මණ්ඩපය’ කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු පස් දෙනෙකුට අද(14) සිර දඬුවම් නියම කෙරිණ.
ඒ ඊට අදාළව කුරුණෑගල පළාත්බද මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට සිර දඬුවම් නියම කෙරිණ.
නඩුව ගොනු කර තිබුණේ, පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර කඩා බිද දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල කරමින් ය.