Tuesday, May 13, 2025
Home » ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය අදයි

ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය අදයි

by sachintha
December 14, 2023 12:31 am 0 comment

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් සිදු කළ කොළඹ, හුනුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබේ.

උන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙන අතර මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන ඤාණිස්සර හිමිට ආශීර්වාද කරමින් එම පින්කම් මාලාව පැවැත්වීම සිදු කරන බව හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.

දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වට මේස සාකච්ඡාවේ අවසන් දිනය ද අදට යෙදී තිබෙන අතර ඊට එක්වෙන සමුළු නියෝජිතයෝ ගල්බොඩ ඤාණිස්සර හිමියන්ට මෙන්ම ලෝවැසි සැමට ආශීර්වාද කිරීම ද සිදුවේ.

ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ලෙස ජනප්‍රියත්වයට පත්වූ උන් වහන්සේ මෙරට බුදු සසුන මෙන්ම සමාජ, සංස්කෘතික දියුණුව වෙනුවෙන් සේවාවන් රැසක් සිදු කර තිබේ.

1943 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මාතර, ගල්බොඩ ප්‍රදේශයේ උපත ලබා තිබෙන ඤාණිස්සර හිමියෝ 1959 වසරේදී දෙවුන්දර රත්නජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූහ. පසුගිය 2003 වසරේදී මල්වතු මහනායක හිමියන් විසින් බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත්කරන ගල්බොඩ ඤාණිස්සර හිමියෝ ඊට අමතරව පැවිදි දිවිය තුළ විවිධ තනතුරු හොබවා ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT