කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් සිටි රැඳවූවන් 138ම අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) වන විට ආරක්ෂක අංශ සමත් විය. කඳවුරෙන් පලා ගොස් සැඟවී සිටියදී ඊයේ උදෑසන පුලස්තිගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රැඳවූවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් රැඳවූවන් 109 දෙනකු පෙරේදා (12) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු මෙම මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. අත්අඩංගුවට ගත් සෙසු රැඳවූවන් 29 දෙනා ඊයේ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ද ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලොන්නරුව, වැලිකන්ද, හිඟුරක්ගොඩ, පුලස්තිගම, මීගස්වැව යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව කළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
කඳවුරේන් පලාගිය රැඳවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි මාර්ගබාධක යොදනු ලැබීය.
ඇළහැර
සරත් වෙලගෙදර
133