Home » පිළිමතලාව ලැගුම්හලක සුදු ඇඳුමෙන් සැරසී සරසවි සිසුවා-සිසුවි ය ලිංගික ක්‍රියා සිදු කර ‘ඉන්ටනෙට්’ දාලා දෙදෙනාටම ලක්ෂය බැගින් ශරීර ඇප

පිළිමතලාව ලැගුම්හලක සුදු ඇඳුමෙන් සැරසී සරසවි සිසුවා-සිසුවි ය ලිංගික ක්‍රියා සිදු කර ‘ඉන්ටනෙට්’ දාලා දෙදෙනාටම ලක්ෂය බැගින් ශරීර ඇප

by sachintha
December 14, 2023 12:02 am 0 comment

පාසල් සිසුන් ලෙස සුදු ඇඳුමින් සැරසී ලිංගික ක්‍රියා සිදු කරමින් ඒවා වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදාහරිමින් මුදල් උපයමින් සිටි විශ්වවිද්‍යාල සිසුවකු සහ සිසුවියක කඩුගන්නාව පොලිසියේ නිලධාරින් විසින් පිළිමතලාවේ ලැගුම්හලක රැඳී සිටියදී පෙරේදා (12) අත්අඩංගුවට ගැණින.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු හා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන 27 හැවිරිදි වෝහාරික වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවක බවත් පොලිසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා ලැගුම්හලට පැමිණ ඇත්තේ ද එහි සිට ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන අතරතුර ඒවා වීඩියෝගත කිරීමට බව විමර්ශනයේදී හෙළි වී ඇත. ඔවුන් දෙදෙනා රට පුරා විවිධ ප්‍රදේශවල සැරිසරමින් පාසල් සිසුන් මෙන්ම විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ලෙස පෙනී සිටිමින් වීඩියෝ දසුන් ලබා ගෙන ඒවා සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හරින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම සරසවි සිසුන් දෙදෙනා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම තුළින් මසකට ලක්ෂයකට වැඩි ආදායම් උපයා ගන්නා බවත් ඒ අය පිළිමතලාවේ ලැගුම්හලක රැඳී සිටින බවටත් කඩුගන්නාව පොලිසියට පෙරේදා (12) තොරතුරක් ලැබී ඇත.
ඒ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි අංගම්මන යන නිලධාරින් දැනුම්වත් කරමින් ඔවුන්ගේ ද උපදෙස් ලබා ගනිමින් කඩුගන්නාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා කුසුම් ගමගේ, පොලිස් සැරයන් දිසානායක (1716), පොලිස් කොස්තාපල් දිසානායක (100072), පොලිස් සැරයන් රියැදුරු බණ්ඩාර (34290), යන නිලධාරින් කණ්ඩායමක් පිළිමතලාවේ ලැගුම්පොළට ගොස් වැටලීම කර තිබේ. උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී බව පොලිසිය කියයි.
ලැගුම්හලේ ඔවුන් රැඳී සිටි කාමරයේ තිබී පාසල් සිසුවියකගේ සුදු පැහැති නිල ඇඳුමක් ද පොලිසියට එහිදී හමු වී ඇත. ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන විට ඒ දේවල් වීඩියෝගත කර ඇත්තේත් එම දර්ශන සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැර ඇත්තේත් ලැප්ටොප් පරිගණකයක් මඟිනි. එම පරිගණකය ද පොලිසිය සොයාගෙන ඇත. ඒ හැරුණු කොට පරිගණකයට සවි කරන තවත් උපාංග කිහිපයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති අසභ්‍ය දර්ශන ලක්ෂ 87කට වැඩි පිරිසක් නරඹා ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව ඊයේ (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
කෑගල්ල විශේෂ
චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT