Tuesday, May 13, 2025
Home » කඹ ඇදීමේ ජාතික ශූරතාවලිය සෙනසුරාදා

කඹ ඇදීමේ ජාතික ශූරතාවලිය සෙනසුරාදා

by sachintha
December 14, 2023 12:03 am 0 comment

ජාතික කඹ ඇදීමේ සම්මේලනය සංවිධාන කරන 19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය මේ සෙනසුරාදා (16) දවස පුරා ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සම්මේලනයේ ලියාපදිංචි වී සිටින ක්‍රීඩා සමාජ පාසල් ක්‍රීඩා කණ්ඩායම් සමඟ දිවයිනේ සියලු දිස්ත්‍රික් ක්‍රීඩා කණ්ඩායම් මෙවර තරගාවලියට සහභාගී වන අතර, බර පන්ති සහ වයස් කාණ්ඩ 8ක් යටතේ තරග පැවැත්වේ.

කඹ ඇදීමේ ක්‍රීඩාව පාසල්වලට හඳුන්වා දීමෙන් අනතුරුව මේ තරගාවලියේදී අන්තර් පාසල් කඹ ඇදීමේ තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ගෘහස්ථ තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම ද කැපී පෙනේ.

මෙවර තරගාවලිය ජ්‍යෙෂ්ඨ පිරිමි (කිලෝග්‍රෑම් 640), ජ්‍යෙෂ්ඨ කාන්තා (කිලෝග්‍රෑම් 560), අවුරුදු 23න් පහළ පිරිමි (කිලෝග්‍රෑම් 600), අවුරුදු 23න් පහළ කාන්තා (කිලෝග්‍රෑම් 500), පාසල් බාලක (අවුරුදු 15 – 19) කිලෝග්‍රෑම් 480, පාසල් කාන්තා අවුරුදු 15 – 19 (කිලෝග්‍රෑම් 460) සමඟ කැච් වේට් පිරිමි සහ කාන්තා බර සීමාවකින් තොර ලෙස පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT